අමාත්‍ය මංගල සමරවීර තම නොහැකියා වසා ගැනීම වෙනුවෙන් විවිධ ප්‍රකාශ විටින් විට නිකුත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.ඒ අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
“අද රට ලෝකය හමුවේ විහිලුවක් වෙලා විතරක් නෙවෙයි රටේ ජනතාවගේ ප්‍රශ්න යට ගහන වැඩසටහනක් බවට පත්වෙලා.පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ආණ්ඩුවට මගහරින්න බෑ.පොලිස්පතිවරයාට විදෙස් රටක තානාපතිකමක් දෙනවා ඒ නිසා අයින් වෙන්න කියලා ඇඟ බේරගන්න බෑ.රට නන්නත්තාරයි. ආර්ථිකය සමතලා කරලා.”