ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප් අබාධයකට ලක්ව තිබෙනවා. ඒ ඊයේ පැවති පුහුණුවීම් අතර වාරයේදී පන්දුවක් ඔහුගේ පන්දු ඇඟිල්ලේ වැදීමෙන් එහි අස්ථියක් බිඳී ඇති බවයි කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මැල් සදහන් කර සිටියේ.
” නුවන් ප්‍රදීප්ට සතියක පමණ කාලයක් විවේකිව ඉන්න සිදුවෙනවා. ඔහුගේ ඇඟිල්ලේ ආබාධයට ලක්වූ විගස රෝහල් ගත කළා. දැනට වෛද්‍යවරුන් ඇඟිල්ලේ අස්ථිය සුපුරුදු පරිදි යථා තත්ත්වයට ගෙනවිත් තියෙනවා. මේ හේතුවෙන් ඔහුට හෙට බංග්ලාදේශය සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ”