News Line| Off Air
Generic placeholder image

Jun
12

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සොයා ඉන්දීය බුද්ධි අංශ තමිල්නාඩුව පීරයි

1171 Views


පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සොයා ඉන්දීය බුද්ධි අංශ තමිල්නාඩුව පීරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අයි එස් සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයන් රැඳී සිටි බවට විශ්වාස කෙරෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන 7 ක් එරට ජාතික බුද්ධි කාර්යාංශය විසින් පරීක්ෂා කර තිඛෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 21 දෙනෙකු අයි එස් සංවිධානය සමග සම්බන්ධවීමට ඇෆ්ඝනිස්ථානය බලා පිටත්ව ගොස් ඇති බවයි.කාන්තාවන් සහ ළමුන්ද ඒ අතර වනවා.

විමර්ශන සඳහා සහය වීමට ඉන්දීය ජාතික බුද්ධි කාර්යාංශයේ නිළධාරීන් දෙදෙනෙකු පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.පාස්කු ඉරිදා සැකකරුවන්ට ඉන්දීය සබඳතා තිබුණේදැයි විමර්ශනයයි එහි මූලික අරමුණ වූයේ.


News Articles
Latest Videos
Most Popular Post