ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් අධිකරණයේ නිරීක්ෂණය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය මැයි මස 8 වනදා ද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ කංජිපානි ඉම්රාන්ට මනුෂ්‍ය ඝාතන, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 27 ක් එල්ල වන බවයි.
ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග මත කංජිපාන් ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබනවා.