News Line| Off Air
Generic placeholder image

Jun
12

ඉදිරි කාළගුණ අනාවැකිය

896 Views


ඉදිරි කාළගුණ අනාවැකිය

කිලෝ මිටර 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව තද සුළං පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට පැයට කිලෝ මීටර 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රලූ විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටිනවා.
බස්නාහිර දකුණ මධ්‍යම සබරගමුව සහ වයඹ පලාත් වලත් බදුල්ල අනුරාධපුර වව්නියාව සහමන්නාරම දිස්ත්‍රික්ක වලත් වැසි ඇතිවිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post