News Line| Off Air
Generic placeholder image

Jun
12

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

857 Views


පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා

එම අමාත්‍යාංශය සදහන් කලේ ලංකා ගමනා ගමන මණ්ඩලය දුම්රිය දෙපාර්තමේන්තුව හා ජාතික ගමනා ගමන කොමිශන් සභාව එක්ව මෙම ඒකාබද්ධ ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක කරන බවයි

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා ලබන 14 වනදා සිට 18 වනදා අලූයම දක්වා ක‍්‍රියාත්මකයි

රජරට කොළඹ මහනුවර ගම්පහ වයඹ ආදී ප‍්‍රදේශ 05 ක් ආවරණය වන පරිදි බස් රථ 600 ක් ධාවනයට එක් කිරීමට සැළසුම් කර තිබෙනවා

මෙවර දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් ආරම්භ වන පොසොන් සේවා බස් රථ මිහින්තලය දක්වාම ධාවනය කරවීමට උපදෙස් ලබා දී ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ

කොළඹ කොටුව මහනුවර බෙලිඅත්ත දුම්රිය ස්ථාන වල සිට ද විශේෂ දුම්රිය සේවා අනුරාධපුරය දක්වා ධාවනය කරවීමට පියවර ගෙන තිබෙනවා

14 වනදා සිට අනුරාධපුරය හා මිහින්තලේ අතර විශේෂ දුම්රිය සේවාවක් ක‍්‍රියාත්මකයි


News Articles
Latest Videos
Most Popular Post