News Line| Off Air
Generic placeholder image

Jun
13

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අදයි

1878 Views


කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අදයි

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය මෙ වන විට පැවැත්වෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ යළි ආසිරි ගන්වා විවෘත කෙරුණා. ඒ, පාස්කු ඉරිදා ම්ලේච්ඡ් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී දින 52 කට පසුවයි.

දේවස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වූ අතර, එම දේව මෙහෙය සඳහා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන්ද එක්ව සිටියා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සහ විපතට පත්වූවන් හේතුවෙන් කොච්චිකඩේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර උත්සවාකාරයෙන් නොපැවැත්වීමට දේවස්ථාන පරිපාලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මංගල්‍යයට පෙර සිදු කෙරෙන කොඩි ගස එසවීම සහ නුවාන මෙහෙයන් ඊයේ නොපැවැත්වුණු අතර, මංගල දිව්‍ය පූජා යාගය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post