News Line| Off Air
Generic placeholder image

Jun
13

‍මීළඟ කැබිනට් හමුව ලබන අඟහරුවාදා

520 Views


‍මීළඟ කැබිනට් හමුව ලබන අඟහරුවාදා

‍අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18 වනදා පැවැත්විමට තීරණය කර ඇති අතර මෙය ලිඛිතව දැනුම්දී ඇති බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පැවසුවා.

විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් පසුගිය 07 වනදා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීම සදහා පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් එහිදී මතභේදකාරි තත්ත්වයක් හට ගත් බව වර්තා වුනා.

සැම සතියකම අඟහරුවාදා දිනයේ කැබිනට් රැස්විම පැවැත්විමට නියමිතව තිබුණ ද උද්ගත වූ තත්ත්වය හේතුවෙන් පසුගිය 11 වන අඟහරුවාදා දිනයේ කැබිනට් රැස්විම නොපැවැත්වූ බවයි වැඩිදුරටත් සදහන් වුනේ.


News Articles
Latest Videos
Most Popular Post