News Line| Off Air
Generic placeholder image

Jun
13

ලසන්ත, තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 4 ක විමර්ශන අවසන් කරන ලෙස නීතිපතිගෙන් නියෝග

492 Views


ලසන්ත, තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 4 ක විමර්ශන අවසන් කරන ලෙස නීතිපතිගෙන් නියෝග

ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු සිද්ධීන් 4 කට අදාල විමර්ශන කඩිනමින් අවසන් කර එම ලිපිගොනු තමන් වෙත එවන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත නියෝග කර තිබෙනවා. කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරින් පිරිසකට සහ මුතූර් හි ‘‘ඇක්ෂන් ප්ලෑන්’’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්වලට අදාළ විමර්ශන වාර්තා ද තමන් වෙත මෙලෙස එවන ලෙසයි නීතිපතිවරයා ලිපියක් යොමුකරමින් මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

වැඩබලන පොලිස්පතිවරයාට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂවරයාට අදාළ ලිපි යොමුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න සදහන් කළා.

අදාල විමර්ශනවල අනිසි ප්‍රමාදයක් පවතින බැවින් නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post