News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොහොමඩ් මිල්හාන් ඇතුළු ත්‍රස්තවාදින් 5ක් ඩුබායි සිට රැගෙන එයි

572 Views


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොහොමඩ් මිල්හාන් ඇතුළු ත්‍රස්තවාදින් 5ක් ඩුබායි සිට රැගෙන එයි

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි සිට දිවයිනට රැගෙන විත් තිබෙනවා.

අද (14) අළුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

මේ වන විට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post