නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා 2015/2018 වර්ෂවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද පැමිණියා.
මඩකලපුව – පුනානි ප්‍රදේශයේ ඉදිකෙරෙන මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙම හමුවට පැමිණ ඇත්තේ.
එම කොමිසමට අද දිනයේ අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කළමනාකාරවරයා ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.