News Line| Off Air
Generic placeholder image

Jun
14

තරුණයින් 11ක් පැහැර ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නාවිකයා දැඩි කොන්දේසි සහිතව මුදාහරී

474 Views


තරුණයින් 11ක් පැහැර ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නාවිකයා දැඩි කොන්දේසි සහිතව මුදාහරී

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී නාවික හමුදා නිලධාරියා දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

අදාළ සිද්ධියේ 11 වන සැකකරු ලෙස නම් කර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික නිලධාරී සංජීව ප්‍රභාත් සේනාරත්න මහතා වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අද ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා.

එම ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා අදාළ සැකකරු රුපියල් 150000/- ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර ඇප තැබීමෙන් අනතුරුව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුට තරයේ අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද නියෝගයක් කර සිටියා.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවටද මහාධිකරණය විසින් තවත් ඇප කොන්දේසියක් සැකකරු වෙත පනවනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post