News Line| Off Air
Generic placeholder image

Jun
14

පාසල් වල අරක්ෂාව වෙනුවෙන් තවදුරටත් දෙමවුපියන් සම්බන්ධ කරනොගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය යළි දැනුම් දෙයි

722 Views


පාසල් වල අරක්ෂාව වෙනුවෙන් තවදුරටත් දෙමවුපියන් සම්බන්ධ කරනොගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය යළි දැනුම් දෙයි

පාසල් වල ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන් සම්බන්ධ කර ගැනීම නතර කල යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය යළි දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කලේ ඇතැම් පාසල් වල ආරක්ෂක කටයුතු සදහා මව්පියන් යොදා ගැනීමේ දී ඔවුන් අපහසුතාවයට පත් වන සිදුවීම් ද වාර්තා වී ඇති බැවින් මෙම පියවර ගත් බවයි.
ගැබිණි මව්වරුන් ද ආරක්ෂක කටයුතු සදහා යොදා ගෙන ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී තිබුණා.
පාසල් බෑග් රැගෙන ඒම වැලැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් ගෙන ඒමට කල පැමිණිලි ද ඒ අතරට අයත්.
මෙම තත්වයන් සැළකිල්ලට ගනිමින් පාසල් ආරක්ෂා කිරිමේ ක‍්‍රියාවලිය සදහා දෙමාපිය දායකත්වය තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නා.
නමුත් ඇතැම් පාසල් වල ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් දෙමාපියන් පැමිණෙන බවට වාර්තා වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව සදහා ත‍්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බවයි.
කෙසේ වෙතත් පාසල් වලට ආරක්ෂාව ලබා දීමට දෙමාපියන් සහභාගි කර නොගන්නා ලෙස නිකුත් කර තිබූ චක‍්‍රලේකය තවමත් විදුහල්පතිවරුන්ට ලැබී නොමැති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post