එළඹෙන පොසොන් පොහොය බියෙන් හෝ සැකෙන් තොරව ශ‍්‍රද්ධාවෙන් සමරන්නැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සියලූ බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
වන්දනා ගමන් සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ද අවහිරයක් නොමැති බවයි අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ.
ගෙවුනු වෙසක් පොහොය ශ‍්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ට සැමරීමට සිදුවූයේ ආරක්ෂාව පිළිබඳ සැකසංකා ද පවතිද්දීයි.
එහෙත්, මේවනවිට රටපුරා ආරක්ෂාව තහවුරු කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික වුණා.