News Line| Off Air
Generic placeholder image

Jun
15

මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් දෙදෙනාත් මරාගෙන මැරෙන්න දිවුරුම් දී ඇති බව අනාවරණ වෙයි

1184 Views


මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් දෙදෙනාත් මරාගෙන මැරෙන්න දිවුරුම් දී ඇති බව අනාවරණ වෙයි

මාවනැල්ල හිගුල ප්‍රදේශයේ දි පසුගියදා අත්අඩංගුවට ගැනුණු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනාද මරාගෙන මැරෙන ප්‍රහාරයකට දායක වන බවට දිවුරුම් දුන් පුද්ගලයින් බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වි තිබෙනවා.

මොහොමඞ් රාසික් මොහොමඞ් රිස්වි සහ මොහොමඞ් මුස්තාෆා මොහොමඞ් රිස්වාන් යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ රහසිගතව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකදී වන අතර පසුව අනාවරණ වී ඇත්තේ සහරාන් හසීම් නමැති ත්‍රස්තවාදී නායකයාගේ අනුගාමිකයින් ලෙස මොවුන් දෙදෙනාද ගිනි අවි පුහුණුව ලබා ඇති බවයි.

සහරාන්ගේ දේශන රැසකට ඔවුන් සහභාගී වී ඇති බවත් ත්‍රස්තවාදී ප්‍රහරයකට දායක වෙමින් මරාගෙන මැරීමට සූදානම් බවට ඔවුන් දෙදෙනා සහරාන් හසීම් හමුවේ දිවුරුම් දී ඇති බවත් වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post