News Line| Off Air
Generic placeholder image

Jun
17

ශ්‍රි ලංකවට ලැබුණු තණතිලි ගැන අර්ජුනට ප්‍රශ්නයක්

694 Views


ශ්‍රි ලංකවට ලැබුණු තණතිලි ගැන අර්ජුනට ප්‍රශ්නයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රි ලංකා කණ්ඩායමට තරඟ කිරීම සඳහා ලබා දි තිබු තණතිලිවල ප්‍රමිතිය පිලිබඳ තමන් සැහීමකට පත් නොවන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතා ඊයේ මව් රට සංවිධානයේ ප්‍රජා සත්කාරයකට එක් වෙම්න් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියාය.
එහිදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් අදහස් කලේ “ක්‍රිකට්වල දිනනවා පරදිනවා. ඒක සාමාන්‍යයි. නමුත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. අසන්ත ද මෙල් මහතා තණතිලි ගැන කියූ කථාව ගැන මමත් හිතනවා. ශ්‍රී ලංකාවට තණතිලි ලබා දීමේදී යම් අසාධාරණයක් සිද්ධ වුණාද කියලා මමත් හොයනවා. මම නම් කියන්නේ ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ලෝක කි‍්‍රකට් කවුන්සිලයට ලියලා බලන්න ඕනි.නමුත් එවැනි ක්‍රියාමාර්ගයකට යන්න කි‍්‍රකට් පරිපාලනයේ අද ඉන්න අයට කි‍්‍රකට් දැනුම තියෙනවද කියලා මම දන්නේ නැහැ. ක්‍රීඩා අමාත්‍යවරයා හරි මේ ගැන ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලියලා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න ඕන.” යනුවෙන්ය.


News Articles
Latest Videos
Most Popular Post