ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලකුණු 87ක අවාසනාවන්ත පරාජයකට මුහුණ දුන් නමුත් ඔවුන්ට තවමත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබෙනවා. මෙම පරාජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූයේ ඔවුන්ට බංගලාදේශ තරගය හා පාකිස්තාන තරගය යන තරග දෙකම වැස්සට සේදී ගිය නිසයි.
ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා ලකුණු 335ක ඉලක්කය හඹා යෑම ආරම්භ කළේ වේගවත් පිතිකරණයක යෙදෙමින් ලකුණු 100ක ආරම්භක සබඳතාවයක් ගොඩ නගමින්.
මේ පරාජය පිළිබඳ හිටපු නායක මහේල ජයවර්ධන ICC වෙබ් අඩවියට අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
“අපිට අවශ්‍ය වුණේ හොඳ සබඳතා දෙකක් පමණයි. එහෙම වුනා නම් මිචෙල් ස්ටාර්ක්ගේ අවසන් පන්දුවාර කිහිපයෙන් බේරෙන්න තිබුණා. අනෙක් පන්දු යවන්නන් අපිට එතරම් ගැටලුවක් වුණේ නැහැ.නමුත් නැවත වතාවක් මැදපෙළ කඩා වැටුණා. දකුණු අප්‍රිකාවට එරෙහිව පුහුණු තරගයේ දී, නවසිලන්ත තරගයේ දී මෙන්ම ඇෆ්ගනිස්ථාන තරගයේදීත් සිදු වූයේ මේ දෙයමයි.ඔවුන් අත්දැකීම් බහුල ක්‍රීඩකයින්, අපේ බලාපොරොත්තු කඩ වෙන්නේ ඒ නිසයි. ඔවුන් වෙනත් ආකාර උත්සහ කරනවා ලකුණු අතරට එන්න. නමුත් එකම විදිය තමයි පැරණි ආකාරයට වැඩේ කරන එක – කඩුල්ලේ හිඳ ක්‍රීඩා කරන එක.ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ දෙය කරන්නට හැකියාවක් තිබුණා. ඒ ලැබුණු විශිෂ්ට ආරම්භය නිසා. ලකුණු 50ක සබඳතා දෙකක් ඇති වුනා නම් අපිට ඔස්ට්‍රේලියාව දැඩි පීඩනයක හෙලන්නට ඉඩ තිබුණා. එසේ වුනා නම් තරගයේ පාලනය අප සතු වෙනවා.
කණ්ඩායම් දෙකේම වේගපන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළා නමුත් කණ්ඩායම් දෙකම ප්‍රධාන දඟ පන්දු යවන්නෙක් ක්‍රීඩා කර වූයේ නැහැ. ඔබට මැද පන්දුවාර වලට දඟපන්දු යවන්නෙක් අවශ්‍යයි. අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. නමුත් ඔවුන් කඩුලු ලබා ගත්තේ නැහැ. හොඳ පිතිකරුවන් සිටින කණ්ඩායම් ලකුණු 280කට 270කට සීමා කරන්න නම් මැද පන්දුවාර වල කඩුලු ලබා ගන්න ඕන.ශ්‍රී ලංකාවට හොඳ දඟපන්දු යවන්නෙක් සිටියා නම් තරගය වෙනස් වෙන්නත් තිබුණා. මම සිතුවා ඔවුන් ජීවන් මෙන්ඩිස්ව යොදා ගනියි කියලා ඔහුට පන්දුවට පහර දෙන්නත් පුළුවන් නිසා.
දැන් ඔවුන්ට අවම වශයෙන් තරගය දෙකක් වත් දිනන්න වෙනවා අවස්ථාවක් ලබා ගන්න. ඔවුන්ට තිබෙන්නේ එංගලන්ත, දකුණු අප්‍රිකා, බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දියාව යන ප්‍රබල කණ්ඩායම්වලට මුහුණ දෙන්න.
මීළඟ තරගය එංගලන්තය. ඔවුන්ට ඒ තරගය සඳහා පාකිස්තානයේ ක්‍රීඩා විලාසය හොඳින් අධ්‍යයනය කරන්න වෙනවා. පාකිස්තානය එංගලන්තය හමුවේ ඔවුන්ගේ සුපුරුදු ස්වාභාවික ක්‍රීඩා විලාසයෙන් ක්‍රීඩා කරා. ඒ නිසාම ඔවුන් ජයග්‍රහණය කළා.ඔවුන් මැද පන්දුවාර වලදී එංගලන්ත දඟපන්දු යවන්නන්ට හොඳින් පහර දුන්නා. මොහොමඩ් හෆීස් ඉනිම මැද ඉතා හොඳින් පාලනය කළා.ශ්‍රී ලංකාව අවස්ථාවක් අරගෙන එංගලන්ත පන්දු යවන්නන් පීඩනයක හෙලන්න ඕන. තරග දිනන්න නම් එක්කෝ ලකුණු 300කට වැඩියෙන් ලකුණු පුවරුවට දමන්න ඕන, නැත්තම් ප්‍රතිවාදීන් ලකුණු 270කට අඩුවෙන් සීමා කරන්න ඕන.”