News Line| Off Air
Generic placeholder image

Jun
17

යාපනයේ කිතුණු දේව් මැඳුරක සුරුවමක් කඩා දමයි

1201 Views


යාපනයේ කිතුණු දේව් මැඳුරක සුරුවමක් කඩා දමයි

යාපනය,මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද(17) අළුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසනවා.

ධීවර රැකියාව සඳහා යන පිරිසක් සුරුවම කඩා දමා ඇති බව දැක පොලීසිය දැනුවත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පැවසූවේ අරියාලෙයි,මනියම්තෝට්ටම් ප්‍රදේශයේ පැවති මාතා සුරුවමක් දෙව් මැදුරු කුටියෙන් ඉවතට ගෙන කිසියම් පිරිසක් සුරුවම මාර්ගයේ දී කඩා දමා ඇති බවයි.

ප්‍රදේශයේ කිතුණු ජනතාව මහත් බැතියෙන් පුජාවන් පැවැත්වු සුරුවමක් එලෙස කඩා දමා ඇති අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් මෙය සිදුකරන්නට ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post