News Line| Off Air
Generic placeholder image

Jun
17

ෆොන්සේකාගෙන් ජනතාවට ඉල්ලීමක්

1218 Views


ෆොන්සේකාගෙන් ජනතාවට ඉල්ලීමක්

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා පලකළ අදහස් පිළිබඳව මෙතෙක් කිසිවෙකු හෝ අවධානය යොමුකර නොමැති බව කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිම්න්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ත්‍රස්තවාදය සියයට අනුනමයක් අවසන් කර ඇති බවට පසුගියදා ආරක්ෂක ලේකම්වරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත පැමිණ ප්‍රකාශ කළ බවද සරත් ෆොන්සේකා මහතා එහිදී කියා සිටියා.

එහෙත් ආරක්ෂාව ගැන අවබෝධයක් නැති පුද්ගලයන් විසින් එවැනි ප්‍රකාශ සිදුකළද ත්‍රස්තවාදය එලෙස අවසන් කිරීමට නොහැකි බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවා.

එමෙන්ම දේශපාලකයින්ගේ කථාවලට නොරැවටී සිහිකල්පනාවෙන් සිටින ලෙසද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post