රතනපුර – පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ මොරතොට ප්‍රදේශයේදී අද (17) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පාසල් ළමුන් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ ළමුන් රත්නපුර සහ පැල්මඩුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.