News Line| Off Air
Generic placeholder image

Jun
17

අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්

521 Views


අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්

ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් 06 දෙනෙකුට පාර්ලිමේන්තු සභා ගර්භයේ හෙට සිට පසුපෙළ අසුන් පනවා ඇති අතර ඔවුන් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි කතානායකවරයාට ලබා දී ඇති හෙයින් අද දිනය තුල නව ආසන සංයුතිය සකස් කරනු ලබනවා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය කබීර් හෂීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඉදිරිපෙළ අසුන්වල වෙනසක් සිදු නොවනු ඇති. ඒ ඔවුන් තිදෙනා සම්බන්ධයෙන් පක්ෂ නායක පදනම මත කටයුතු කිරීම හේතුවෙන්.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට පස්වරු 03ට යලි රැස්වීමට නියමිතයි. එහි සාමාජිකයෙකු සඳහන් කළේ කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා හෙට දිනයේ කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට පසුදින අරාබි ජාතිකයන් දෙදෙනෙකු නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සැකකටයුතු අන්දමින් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවධාණය යොමු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post