News Line| Off Air
Generic placeholder image

Jun
17

රාවණා – 01 කක්ෂගත කිරීම තව සුලු මොහොතකින්

537 Views


රාවණා – 01 කක්ෂගත කිරීම තව සුලු මොහොතකින්

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙරට වේලාවෙන් අද(17) පස්වරු 3.45ට අද කක්ෂගත කිරීමට නියමිතව තිබේ.

රාවණා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය.

එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ භූමියේ පිහිටි නාසා ආයතන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගමන් ආරම්භ කළා.

පැය 36ක කාලයක් ගමන් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වුණේ ඉකුත් අප්‍රේල් මාසයේදීයි.

එලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය රාවණා වන් චන්ද්‍රිකාව එම මධ්‍යස්ථානයේ සිට මෙරට වේලාවෙන් අද පස්වරු 3.45 ට කක්ෂගත කිරීමට නියමිතව තිබේ.එය පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් ඉහළින් කක්ෂගත කිරීමට නියමිතයි.

එහි අවම ආයු කාලය අවුරුදු එකහාමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා ක්‍රියා කළ හැකි බවට විශ්වාස කරයි.
මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර් 7.6කි.


News Articles
Latest Videos
Most Popular Post