News Line| Off Air
Generic placeholder image

Jun
17

හොරොයින් ජාවරම් කළ කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයාට ජිවිතාන්තය දක්වා සිරදඩුවම්

579 Views


හොරොයින් ජාවරම් කළ කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයාට ජිවිතාන්තය දක්වා සිරදඩුවම්

ඩුබායි රටේ සිට හෙරොයින් ජාවාරම් කල ජාත්‍යන්තර මත් කුඩු ජාවරමේ නිරත වු කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ගෝලයාට කොලඹ් මහධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා විසින් අද බරපතල වැඩ සහිතව ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළා.
චෝදනාවන්ට ලක් වී මෙලෙස දඩුවම් කරන ලද්දේ ගෝල රකින්නකු වශයෙන් කොළඹ ප්‍රසිද්ධ පාපන්දු කණ්ඩයමක් නියෝජනය කළ කමල් නිශාන්ත හෙවත් මහත්තයා නමැත්තාටයි.
2013 අගොස්තු මස 11 වෙනිදා හෝ ඊට ආසන්න දවසක කොළඹ වේල්ලවිදියේ හෙරොයින් ග්‍රෑම් 04.03 ළඟ තබා ගැනීම සහ ජවාරම් කිරිම යටතේ විත්තිකරුවාට එරෙහිව නීතිපති වරයා චෝදනා ගොනු කර තිබෙනවා.සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරිමට හැකි වීම නීසා වරදකරුට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරනු ලබුවා.


News Articles
Latest Videos
Most Popular Post