ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේ පෙරළිකාර ජයක් වර්තා කිරිමට බංගලදේශය සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 321 රැස් කළා. ලකුණු 322 ඉලක්කයක් හඹා ගිය බංගලදේශ කණ්ඩායම සකිබ් අල් හසන්ගේ සහ ලිටන් දාස්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා පන්දුවාර 41 පන්දු 03 කදි ජයග්‍රාහී සිමාව පසු කිරිමට සමත් වුණා.
බංගලාදේශ ජයග්‍රාහි ඉනිම ඔසවා තැබු සකිබ් අල් හසන් ලෝක කුසලන තරගාවලියේ සිය දෙවැනි ශතකය වර්තාකරමින් නොදැවි ලකුණු 124 රැස් කළා.ඔහුට අනගි සහයක් වු ලිටන් දාස් නොදැවි ලකුණු 94යි.
එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහසයේ බංගලාදේශය කොදෙව්වන් පරාජය කල පලමු අවස්ථාව ද බංගලාදේශය ජයග්‍රාහණය කල මෙම තරගය ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ දෙවන සාර්ථක හඹා යාම ලෙසද වාර්තා පොත් අතරට එක් වෙනවා.