ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සතියකට පසු අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වන විට ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.
සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන නමුත් පසුගිය 11 වනදා එය පැවැත්වුණේ නැහැ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු තමා ඉලක්ක කර ගනිමින් සිදුවන්නේ නම්, තමන් කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සහභාගි නොවන බව අවසන් වරට පැවති හදිසි කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සදහන් කර තිබුණා.