වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නැවත වරක් ලංකාවට පැමිණ තිබෙනවා.ඒ සිය බිරිදගේ මවගේ දානමය පිංකම සඳහායි.ඕස්ට්‍රේලියාවට එරහිව පසුගිය සෙනසුරදා තරගයට ක්‍රීඩා කළ මාලිංග නැවත ලංකාවට පැමිණ ඇත්තේ පෙරේදාය.මේ සඳහා ඔහුට ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබි තිබෙන අතර මාලිංග හෙට නැවත කණ්ඩායමට එක් වීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසනවා.