පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයින් කථානායක කරු ජයසූරිය සමඟ කථානායක කාර්යාලයේ මේ වන විට සාකච්ඡාවක නිරත වන අතර තේරීම් කාරක සභාවේ ඉදිරි වැඩපිළිවෙල සහ ක්‍රියාකාරීත්වය පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි පස්වරු 2ට රැස්වීමට නියමිතයි.
අද දිනයේදී කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ සුෆී මුස්ලිම් සංවිධානයට අයත් සාමාජිකයන් කිහිප දෙනෙකු ද සාක්ෂි විමසීම සඳහා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැදවා තිබෙනවා.