News Line| Off Air
Generic placeholder image

Jun
18

ඇමති රාජිතට එරෙහිව අත්සන් දස ලක්ෂය

522 Views


ඇමති රාජිතට එරෙහිව අත්සන් දස ලක්ෂය

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහාතාගේ ක්‍රියාකළාපයට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයකින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ ඊට මහජන අත්සන් ලබාගැනීමේ පළමු අදියර කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට නියමිත බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරිමට ද කටයුතු කරන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළා.

රටට ලැබුණ තනතුර දේශපාලන වාසි ලබා ගැනීම සඳහා වැරදි ලෙස පාවිච්චිකරන බවත් බාල තත්ත්වයේ ඖෂධ ගෙන්වා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන පැමිනිල්ලට ඇතුලත් කරන බව වෛද්‍යවයා එහිදි වැඩිදුරටත් ප්‍රකශ කළා.

 


News Articles
Latest Videos
Most Popular Post