News Line| Off Air
Generic placeholder image

Jun
18

සිසේරියන් සැත්කම් 33,000ක් පිලිබද කරුණු සොයා බැලේ

630 Views


සිසේරියන් සැත්කම් 33,000ක් පිලිබද කරුණු සොයා බැලේ

2007 වසරේ සිට මේ දක්වා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සිදු කෙරුණු සිසේරියන් සැත්කම් පිළිබඳ කරුණු සොයා බැලීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර ඇති අතර 2007 වසරේ සිට මේ දක්වා සිදු කෙරුණු සිසේරියන් සැත්කම් 33,000 ක කරුණු මෙලෙස සොයා බලනු ඇති.

සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍යවරයා සහ එම සැත්කමින් පසු අදාළ මව්වරුන්ට දරුඵල හිමිවූවාද නැද්ද යන්න මෙමගින් සොයා බැලෙන බවයි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ වෙනම තොරතුරු සොයා බැලීමක් සිදුකරන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

එමෙන්ම මේ වනවිට වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පමණක් පැමිණිලි දහසකට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post