News Line| Off Air
Generic placeholder image

Jun
18

වව්නියාවට හෙට දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

910 Views


වව්නියාවට හෙට දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

වව්නියාව නගරයට සහ ඒ අවට ප්‍රදේශවලට හෙට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

වව්නියාව ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය සපයන නල මාර්ගය ප්‍රධාන ජලනල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සදහන්.

ඒ අනුව, හෙට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post