News Line| Off Air
Generic placeholder image

Jun
19

එංගලන්තයට ලකුණු 150 ක විශිෂ්ට ජයක්

492 Views


එංගලන්තයට ලකුණු 150 ක විශිෂ්ට ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ ඇෆ්ගනිස්ථානය සහ සත්කාර එංගලන්තය අතර පැවති තරගයේ ලකුණු 150ක විශිෂ්ට ජයක් වාර්තා කීරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් පමණක් දැවී ලකුණු 397 ක් රැස් කළා.පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුයේ කඩුළු 08 ක් දැවී ලකුණු 247 ක් පමණයි.
ඊයේ තරගයේ එංගලන්ත කණ්ඩායමේ නම ඉදිරියේ වාර්තා රැසක් සටහන් වුණා.ඊයේ තරගයේ එංගලන්ත කණ්ඩායම එල්ල කළ සමස්ත හයේ පහර සංඛ්‍යාව 25ක්. එය එක්දින තරගයකදි එක් කණ්ඩායමක් රැස් කළ වැඩීම හයේ පහර සංඛ්‍යාව බවට වාර්තා වුණා.එමෙන්ම ඔයින් මොගන් හයේ පහර 17ක් එල්ල කරමින් එක්දින පිටියේ ඉනිමක රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස සටහන් වුණා.ඔයින් මොගන් පන්දු 57 කදි වේගවත් ශතකයක් වාර්තා කළ අතර එය ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම සිව්වන ශතකයයි.
එක්දින පන්දු යවන්නන් අතර ලොව 03 වන ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන්ට එරෙහිව හයේ පහර 11 ක් එල්ල කළ අතර එය එක්දින තරගයකදි පන්දු යවන්නෙකුට එරෙහිව එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස වාර්තා වුණා. එමෙන්ම පන්දු 09 ක දි ලකුණු110 රැස් කළ අතර එක්දින ඉතිහාසයේ පන්දු යවන්නෙකුට එරෙහිව පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post