News Line| Off Air
Generic placeholder image

Jun
20

නවසීලන්තයට කඩුළු 04 ක ජයක්

390 Views


නවසීලන්තයට කඩුළු 04 ක ජයක්

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග ඊයේ (19) පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්කම් දැක්වුවා.
බර්මින්හැම්හිදී පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉණිමක් පන්දුවාර 49කට සීමා කෙරුණා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 49දී කඩුලූ 06ක් දැවී ලකුණු 245ක් රැස් කිරිමට සමත් වූණා. රසී වැන්ඩ ඩුසේන් නොදැවී ලකුණු 67යි.
ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සිය ජයග‍්‍රහණය තහවුරු කළේ අවසන් පන්දුවාරයේදීයි.
ඔවුන්ට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 08ක් ලබාගත යුතුව තිබුණා. අවසන් පන්දුවාරයේ 02වන පන්දුවට සහ 03වන පන්දුවට පිළිවෙලින් හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියා.
නවසීලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය සදහා ගෙන ගියේ කේන් විලියම්සන්ය. ඔහු එහිදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 106ක්.
මෙම ජයග‍්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා.ලබා ගෙන ඇති ප‍්‍රසාද ලකුණු ගණන 09කි.


News Articles
Latest Videos
Most Popular Post