News Line| Off Air
Generic placeholder image

Jun
20

අනුරපුර භික්ෂු සරසවිය අසලදී සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

596 Views


අනුරපුර භික්ෂු සරසවිය අසලදී සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විසින් අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා.

ඊයේ(19) දින අනුරාධපුර පොතානේගම ග්‍රාම නිලධාරී වසමේ, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මෙම වැටලීම සිදු කර ඇත.

එහි දී 12.15ට පමණ සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වු හා යම් අපරාධයකට සම්බන්ධ යැයි සැකපිට සිටි පුද්ගලයෙකු මෙලෙස විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් අත්අඩංගුවට ගෙන අති අතර වැඩිදුර විමර්ශන සඳහා මොහු අනුරාධපුර පොලීසිය වෙත බාර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post