ගුණාත්මක කජු අස්වැන්නක් තිබියදීත් මෙරටට කජු ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් එම කර්මාන්තයේ නියැළෙන පිරිස් දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා.
දේශීය කර්මාන්තකරුවන්ගේ කජු මිල සියයට පනහකින් පමණ අඩුවී ඇති අතර ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වනවිට අස්වනු සඳහා මුදල් නොගෙවීමෙන් කර්මාන්තය බිඳ වැටී ජන ජීවිතය ද අඩාල වී ඇති බවයි.