පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු තමත් ඇතුළු කතෝලික ජනතාව වෙත ශෝකය පළ කරමින් සහයෝගය දැක්වූ සියලූ දෙනාට හෘදයාංගම ස්තූතිය සහ උපහාරය පුද කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
එමෙන්ම සහන අරමුදල වෙත ලැබෙන මූල්‍යාධාරවලින් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ගේ ප‍්‍රතිකාර සඳහා යොදවන බව උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.
තවද ජනතාව හෝ වෙනත් පාර්ශ්වයක් ලබාදුන් මූල්‍ය ආධාර අදාළ සහන අරමුදල වෙත ලැබුණු බවට සහතිකයක් ලැබී නොමැති නම් ඒ පිළිබඳ සියලු විස්තර ඇතුළත් කර ඊමේල් පණිවුඩයක් යොමු කරන ලෙසයි කාදිනල් හිමියන් ඉල්ලා සිටින්නේ.
ඒ තුළින් පරිත්‍යාගය ලද බවට සහතිකයක් ලබාගත හැකි බවද මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් සදහන් කළා.