News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

කොළඹ තැන් කීපයකට සෙනසුරාදා ජල කප්පාදුවක්

847 Views


කොළඹ තැන් කීපයකට සෙනසුරාදා ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජුබ්ලි ජල සැපයුම පද්ධතියේ අලුත් වැඩියා කටයුතූ හේතුවෙන් සහ අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් 2019 ජුනි මස 22 වන දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් ජල කප්පාදුවක් සිදු වෙනවා.

ඒ අනුව, කොළඹ, දෙහිවල,ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම,බොරලැස්ගමුව, කොළොන්නාව, නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙලෙස ජල කප්පාදුව බලපැවැත්වෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post