News Line| Off Air
Generic placeholder image

Jun
20

බංකොලොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට පුළුවන් – අගමැති කියයි

434 Views


බංකොලොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට පුළුවන් – අගමැති කියයි

රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම, විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ ඊයේ (19) සවස පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදීයි.

බංකොලොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා අද ගමේ සිදුවන සංවර්ධනය දරාගත නොහැකිව විරුද්ධවාදීන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළා.

අවුරුදු 17 ක් රට සංවර්ධනය කරපු UNP ආණ්ඩුවේ තමා සිටි බව පැවසු අග්‍රමාත්‍යවරයා, අද වන විට ඊටත් වඩා ගම මේ ආණ්ඩුවෙන් සංවර්ධනය කර ඇති බව ද පැවසුවා.

ගමට වැඩ කරන්න බැරි අය අද වන විට ජාතිවාදය ඇති කරමින් සිටින බව ද පැවසු අගමැතිවරයා, ආණ්ඩුවට බනින එක නැවැත් විය නොහැකි බවත්, ඔවුන් එසේ කෑ ගසන්නේ ඔවුන්ට වඩා ගම සංවර්ධනය වී ඇති නිසා බව ද කියා සිටියා.

අද ගමට ඇවිත් කර ඇති සංවර්ධනය හා දියුණුව දැක බලා ගන්නා ලෙසත් පැවසු අගමැතිවරයා, රටේ සංවර්ධනය නවතා නැති බවත්, ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙන බවත් ප්‍රකාශ කළා.

බෝම්බ ප්‍රහාරයෙන් රජය බිඳ වැටෙයි ඇතැමුන් සිතු නමුත් අද වන විට එයට ද ඉතා සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post