සීගීරි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රකාශ කළේ සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ලබන ආදායමෙන් සියයට හතරක මුදලක් මධ්‍යම පළාත් සභාව වෙත ලබාගැනීම සඳහා තමන් සංස්කෘත අමාත්‍යවරයාට යෝජනා කර ඇති බවයි.
එය මධ්‍යම පළාතේ සංචාරක ආකර්ශනය සහිත ස්ථාන සහ ප්‍රදේශ දියුණු කිරීම සඳහා යොදාගත හැකි බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.