News Line| Off Air
Generic placeholder image

Jun
20

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුළු වැරදිවලට අත්අඩංගුවට ගත් අයගේ පරීක්ෂණ ඉක්මන් කරන ලෙස ජනපති කියයි

441 Views


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුළු වැරදිවලට අත්අඩංගුවට ගත් අයගේ පරීක්ෂණ ඉක්මන් කරන ලෙස ජනපති කියයි

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනමි කර ත‍්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලූ දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

ජාතික ආරක්ෂක කමිටුව ඊයේ (19) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නා.

රටේ ආරක්ෂක වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ද සමාලෝචනයට ලක් කරනු ලැබුවා.

ආගමික උත්සව සහ මහජන හමුවීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අඛණ්ඩව පියවර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිලි කළ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පක්ෂ, විපක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් ද, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරු, බුද්ධි අංශ ප‍්‍රධානින්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් මීට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post