අද (20) මධ්‍යම රාත්‍රී 12 සිට සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණ අතර දින දෙකක කාලයක් දුම්රිය වර්ජනය කිරීමට දුම්රිය වෘත්තිය සමිති මේ වන විට තීරණයකට එළඹ ඇති බව සදහන්.
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණු නමුත් මුදල් අමාත්‍යවරයා සමඟ අද දිනයේ සාකච්ඡාවක් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය වෘත්තිය සමිති ඊයේ තීරණ කළා.