News Line| Off Air
Generic placeholder image

Jun
21

දුමිරිය වැඩ වර්ජනය හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතා

482 Views


දුමිරිය වැඩ වර්ජනය හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතා

මුදල් අමාත්‍යංශය සමග ඊයේ පැවැත්වු සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වු දුමිරිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරී වෘත්තීය සමිති සම සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසුවේ සේවක වැටුප් සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියත්මක බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ රජය මාස එක හමාරකින් පමණ කාලයකින් සේවක ගැටලු විසදීමට කැමත්ත පළ කල ද ඊට සේවකයින් විරුද්ධ වු බවයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු තැපල් දුමිරියන් ධාවනය අවලංගු කළ බවද දුමිරිය වැඩ වර්ජනය හෙට මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක වන බව පැවසෙනවා.
දුමිරිය වැඩ වර්ජනය හේතුවෙන් මගීන් අපහසුතාවයට පත් වී ඇති අතර සිකුරදා දින ගම්බිම් බලා පිටත් වන ජනතාවටද මෙය දැඩි ලෙස බලපා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post