News Line| Off Air
Generic placeholder image

Jun
21

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයේ වෙනසක්

401 Views


උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයේ වෙනසක්

උතුරු පළාත් ආණ්ඩුකාර නව ලේකම් ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හිටපු ලේකම් එස්.සත්‍යසීලන් මහතා පත්ව තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වෙතින් ඊයේ(20) ඒ මහතා පත්වීම් භාරගනු ලැබුවා.

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කළ එල්.ඉලන්ගෝවන් මහතා ඊයේ(20) උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ලෙස එහිදී තනතුර මාරු කර ඇති අතර උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ලේකම් එල්.ඉලන්ගෝවන් මහතා උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරුන් සිව් දෙනෙකුගේ ලේකම් ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවා.

නව ආණ්ඩුකාර ලේකම් ලෙස පත්වු එස්.සත්‍යසීලන් මහතා පසුගිය වසර පහක පමණ කාලයක් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ලෙස කටයුතු කළ අයෙක්.


News Articles
Latest Videos
Most Popular Post