News Line| Off Air
Generic placeholder image

Jun
21

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න විශේෂ කාරක සභාව අදත් රැස්වෙයි

1400 Views


පාස්කු ප්‍රහාරය ගැන හොයන්න විශේෂ කාරක සභාව අදත් රැස්වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද (21) පස්වරු 02ට රැස්වීමට නියමිතව තිබෙනවා.

කාරක සභාව හමුවේ මෙතෙක් ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් එහිදි තවදුරටත් අවධානය යොමු කෙරෙන බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවා.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සාක්ෂි විමසු අතර මින් ඉදිරියට ඔවුන්ගේ තවදුරටත් සාක්ෂි විමසීමේ අව්‍යශතාවක් නොමැති බව ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් එම පාර්ශව විසින් ලබාදුන් සාක්ෂි සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් සාක්ෂි විමසීමේ අවසන් කාලපරිච්ඡේදයේදී යලි ඔවුන් කැදවීමට නියමිතව ඇති අතර නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඉදිරියේදී තවත් පාර්ශව ඒ සඳහා කැදවීමට නියමිත බවද ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළා.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සාක්ෂි විමසීමේ කටයුතු සඳහා ලබන 26 වනදා යලි රැස්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post