News Line| Off Air
Generic placeholder image

Jun
21

කුමාර වෙල්ගමගේ නඩුව ජුලි 12ට කල් යයි

405 Views


කුමාර වෙල්ගමගේ නඩුව ජුලි 12ට කල් යයි

හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජුලි මස 12 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර අල්ලස් කොමිසම හා විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නඩුව නැවත ජුලි මස 12 වනදා කැඳවන ලෙසයි නියම කරනු ලැබුවා.

ඉකුත් රජය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේයැයි චෝදනා කරමින් හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post