News Line| Off Air
Generic placeholder image

Jun
21

මීගමුවේ සංචාරක ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක

734 Views


මීගමුවේ සංචාරක ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක

පාස්කු ප්‍රහාරයෙන් පසුව රජය විසින් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලබා දුන් සහන කිසිවක් මෙතෙක් නොලැබුණ බව පවසමින් මීගමුවේ සංචාරක ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

අද(21) උදෑසන මීගමුව, ඒත්තුකාල ඩොල්ෆින් හන්දිය ප්‍රදේශයේ පැවති මෙම උද්ඝෝෂණය සඳහා මීගමුව සංචාරක හෝටල් ටැක්සි සංගමය නියෝජනය කරමින් සාමාජිකයින් පිරිසක් එක්ව සිටියා.

එම සංගමයේ සභාපති රංජිත් ෆර්නෑන්ඩු මහතා කියා සිටියේ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබා දුන් “සංචාරක පොඩ්ඩා“ ණය යෝජනා ක්‍රමය හෝ වෙනත් කිසිදු පහසුකමක් මෙතෙක් තමන්ට හිමි නොවු බවයි.

වසර 45 කට පමණ පැරණි ව්‍යාපාරයක් වන මේ තුළින් විදෙස් විනිමය විශාල වශයෙන් ලංකාවට ගෙනැවිත් ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ රජයෙන් කිසිදු සහනයක් නොලැබී ඇති බවත් පැවසු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, බැංකුවලින් හෝ ලීසිං ආයතනවලින් සංචාරක පොඩ්ඩා සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා දී නොමැති බවයි.

දැනට ලබා ගෙන ඇති ණය මුදල කපා හරින ලෙසත් එම ණය මුදලේ වාරිකයන් අය කිරිම ටික කාලයකට සීමා කරන ලෙසත් පැවසු උද්ඝෝෂකයින් වහාම මීගමුවේ සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින ජනතාවට විසඳුමක් ජනාධිපති අගමැති ඇතුළු වගකිව යුතු නිලධාරින් විසින් ලබා දෙනු ඇති බවද පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post