News Line| Off Air
Generic placeholder image

Jun
21

සෞඛ්‍ය ඇමති රජයේ වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවක්

500 Views


සෞඛ්‍ය ඇමති රජයේ වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අතර සාකච්ඡාවක් අද (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුනා.

එහිදී වෛද්‍ය වෘත්තිකයින්ගේ ගැටලු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලු විසදිමට අවධානය යොමු නොකර දේශපාලන ව්‍යාපාරයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය එහිදී පැවසුවා.

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාව පැය 06 දක්වා සෑම වෛද්‍යවරයෙකුටම ලබා දීම, විවිධ චක්‍රලේඛවලින් මතුවූ වැටුප් විෂමතා ඉවත් කිරීම, ස්ථානමාරු වැඩපිළිවෙල පිළිබදව ද එහිදී අවධානය යොමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

එම ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කර ස්ථානමාරුවීම් ක්‍රමවේදය විධිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා වෛද්‍ය සේවා අතිරේක ලේකම් සුනිල් ද අල්විස් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post