News Line| Off Air
Generic placeholder image

Jun
21

ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියන් දරුණු ජල අර්බුදයක

606 Views


ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියන් දරුණු ජල අර්බුදයක

ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියන් දරුණු ජල අර්බුදයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බලධාරීන් පවසන්නේ දින 200කින් පමණ චෙන්නායි නුවරට වර්ෂාවක් ලැබී නොමැති බවයි. ඒ හමුවේ බීමට ජලය ලබා ගැනීමට පවා චෙන්නායි වැසියන් දිගු පෝලිම් වල රැඳී සිටින බව සදහන්.

ඇතැම් පුද්ගලයින් අධික මිලක් යටතේ පෞද්ගලික සමාගම්වලින් ජලය මිලදී ගන්නා අතර හිගයක් පවතින බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි චෙන්නායි නුවර පිහිටි හෝටල්වල රැඳී සිටින සංචාරකයින් ද දැනුවත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ චෙන්නායි නුවරට ජල ලීටර් ලක්ෂ 20ක් පමණ සැපයීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

චෙන්නායි නගරය තමිල්නාඩු ප්‍රාන්තයට අයත් ඉන්දියාවේ හයවන විශාලතම නගරය ලෙස සැළකෙනවා.


News Articles
Latest Videos
Most Popular Post