ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ඊයේ පැවැති තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් නායක දිමුත් කරුණාරත්න පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඉනිම ආරම්භයෙදි සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවත් සිය පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වු අවිශ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 49ක් රැස් කිරිමට සමත් වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 85 ක්ද රැස් කරමින් ශ්‍රි ලංකා ඉනිම ශක්තිමත් කළා.ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයෙදි කඩුළු 09 ක් දැවී ලකුණු 232 රැස් කළා.පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47 ක් අවසානයෙදි සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 212 ක් පමණි.
පන්දු යැවීමෙදි ලසිත් මාලිංග ලකුණු 43 කට කඩුළු 04 ක් දවාගත් අතර ධනංජය සිල්වා ලකුණු 32 කට කඩුළු 03 යි. ඉසුරු උදාන ලකුණු 43 කට කඩුළු 02 දවාගනිමින් ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියා.