කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12 වන තෙක් පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ,දෙහිවල,ගල්කිස්ස,කොට්ටේ,කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ හා මහරගම.කොලොන්නාව යන මහ නගරසභා බල ප්‍රදේශවලටද මීට අමතරව කොටිකාවත්ත,මුල්ලේරියාව යන ප්‍රදේශීය සභා බල ප්‍රදේශ හා රත්මලාන සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව තවදුරටත් එම මණ්ඩලය සඳහන් කළා.