ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති සහතිකය නොළත් ඖෂධ මෙරටට ගෙන්වා රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් පරික්ෂණක් සිදු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම ඉල්ලීම සිදු කළ බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළ අතර පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවා.